Business එකකට Logo එකක් අවශ්‍යයම ද?
ඔව්. ඔබ දන්නවාද?
Logo එකක් නැතහොත් ඔබේ වෙළඳ සන්නාමය පාරිභෝගිකයන් වෙත ඔබේ ව්‍යාපාරය මතක සිටින ලෙස හඳුන්වා දියහැකි හොඳම මෙවලමකි.
ව්‍යාපාරයක සම්පුර්ණ නම Logo එකෙහි නොතිබුණද Logo එක දැකීමෙන් ඔබට ක්ෂණිකව ව්‍යාපාරය හඳුනාගත හැකිය. එසේම කිසියම් ව්‍යාපාරයක් පිළිබඳ ඔබ මීට පෙර අසා නොතිබුණද, පළමු වරට ව්‍යාපාරයේ Logo එක දැකීමෙන් ඔබට එම ව්‍යාපාරය පිළිබඳ යම්කිසි තක්සේරුවක් සිදුකල හැකිය.
එබැවින් Logo එක ඔබේ ව්‍යාපාරයේ වැදගත් අංගයක් වන අතර එය ව්‍යාපාරය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. Logo එකක් නිසිපරිදි නිර්මාණය කිරීමට මුදලක් වැය වුවද එය ව්‍යාපාරයට වාසි සැලසෙන දිගුකාලීන ආයෝජනයකි.
ව්‍යාපාරයට Logo එකක් නිර්මාණය කිරීමට නියමිත ප්‍රචාරණ ආයතනයකට භාරදීම ඉතා වැදගත්ය. Logo එකක් නිර්ණය කිරීමේදී වර්ණ, හැඩ සහ අකුරු ඇතුළුව සෑම අංගයක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කළ යුතුය. හේතුව නිවැරදිව නිර්මාණය කල Logo එකක මෙම සියලු අංග මඟින් ඔබේ ව්‍යාපාරය පිළිබඳ පිළිබිඹු කරනු ලැබේ.
ව්‍යාපාරයකට Logo එකක් සැලසුම් කිරීම වැදගත් වන්නේ ඇයි?
Logo එකක් මඟින් තත්පර කිහිපයකින් ගනුදෙනුකරුවෙක්ට ව්‍යාපාරය පිළිබඳ යහපත් දැක්මක් ඇති කල හැකි බව අලෙවිකරණ විශේෂඥයන්ගේ අදහසයි.
ඔබ ප්‍රචාරණ කටයුතු සිදුකරන විට බොහෝ අවස්ථාවලදී ඔබේ ගනුදෙනුකරුවන් ඔබව හඳුනාගනු ලබන්නේ Logo එක දැකීමෙනි.
එමඟින් ඔබේ ව්‍යාපාරයට පාරිභෝගිකයින්ගේ මනසේ රැඳෙන Logo එකක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත්ය.