Close

Post එකකදී වැදගත් Price එකද? Quality එකද?

  • Home
  •  / 
  • Knowledge Hub
  •  / 
  • Post එකකදී වැදගත් Price එකද? Quality එකද?

Post එකකදී වැදගත් Price එකද? Quality එකද?

💁‍♂️අලුත් අවුරුද්දේ මුලදිම අපි මේ post එක දාන්නේ වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න.
ඔයත් Rs.500ට Rs.600ට වගේ අඩු ගණන් වල Social media posts Design කරගන්නවද?

ඔයා මේ ක්‍රමේ දිගටම ගෙනිච්චොත් ඒක ඔයාගේ Business එකට බලපාන්නේ කොහොමද කියලා අපි ඔයාට කියන්නම්…

Post එකේ Quality එකට වඩා Price එක ගැන බොහෝදෙනෙක් වැඩිපුර හිතන්නේ මේ හේතු නිසා කියලා අපි විශ්වාස කරනවා

– අඩු මුදලකින් කරගන්න පුලුවන් කියලා හිතනවා.
– Post එකකට ලොකු මුදලක් වැය කරන්න ඕන නැහැ කියලා හිතනවා.
– Business එක දියුණු වුණාම Quality Post Design කරගන්න පුලුවන් කියලා හිතනවා.
– Quality Post එකකට Market එකේ කොච්චර Value එකක් තියනවද කියලා අවබෝධයක් නැති නිසා.
– Quality Post එකකට වැය කරන ගානෙන් 500/=ට හදන Post ගොඩක් හදාගන්න පුලුවන් කියලා හිතනවා.

Business කරන අය හැම වෙලාවෙම බලන්නේ අඩු ගාණකට Post එකක් Design කරගෙන වැඩිපුර Business එකක් කරගන්න. ඒ නිසා ගොඩක් අය Post එකකට වියදම් කරන්නේ රු.500/=, රු.600/= වගේ පොඩි මුදලක්. Post එකකට ලොකු මුදලක් වැයකරන්න ඕන නැහැ කියලා ඒ අය හිතනවා. හැබැයි එයාලා 500/=ට 600/=ට Design කරන Post එක Publish කරගෙන ලොකු Business ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා.

ඔයාගේ Business එකම කරන තවත් අය අතරින් Customer ඔයාව Select කරගන්න Price එකට වඩා හේතු වෙන්නේ Post එකේ තියන Quality එක, නැත්නම් Attraction එක. මොකද ඔයාගේ Business එකම කරන, ඔයාගේ Business එක වගේම Price එකත් අඩු ඕනතරමක් අය ඉන්න පුලුවන්. හැබැයි ඒ වගේ ගොඩ දෙනෙක් අතරින් Customer ට ඔයාව විශේෂ වෙන්නත්, Customer ඔයාවම තෝරගන්නත් Attractive වගේම Quality Post එකක් හේතු වෙනවා. නැත්නම් ඔයාගේ Post එකත් Customerට අතහැරිලා යන්න පුලුවන්

ඉතින් ඔයා හිතනවනම් අඩු ගාණට Post Design කරගෙන Business වැඩි කරන්න පුළුවන් කියලා ඔයා ඉන්නේ වැරදි තැනක.

ඔයා දන්නවද Quality Post එකකට Market එකේ කොච්චර Value එකක් තියනවද කියලා. Concept එකක් නැතුව, Quality එකක් නැතුව අඩු ගාණකට කරන Post එකකට වඩා Post එක දැකපු ගමන් ඔයාගේ Product එක නැත්නම් Service එක ගන්න හිතෙන විදිහේ Attractive Post එකක් නම් ඔයාට හොඳ Sale එකක් කරගන්න පුලුවන්.

එක Post එකකට වැය කරන ගාණෙන් 500/=ට හදන Post ගොඩක් හදාගන්න පුලුවන් කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. හැබැයි කිසිම Concept එකක්, Attractive බවක් නැති මිලෙන් අඩු Post ගොඩක් හදාගන්නවට වඩා හොඳ Quality Post එකක් Design කරගෙන ලොකු Sale එකක් කරගන්න එක වටිනවා. මොකද 500/=ට හදන Post ගොඩක් හදාගෙන ඔයාට හොඳ Sale එකක් නොවුණොත් ඔයා ආයෝජනය කරපු මුදල වගේම ඔයාගේ කාලයත් අපරාදේ. ඒ වගේම ඒකෙන් Business එකට වෙන්නෙත් ලොකු පාඩුවක්.

ඒ නිසා Post එකකට ඔයා වැය කරන ගාණට වඩා ඔයාට ඒකෙන් ගන්න පුලුවන් Sale එක, Customer ව, Business එකේ දියුණුව ගැන හිතලා හොඳ තැනකින් Quality, Attractive වගේම හොඳ Concept එකක් තියන Post එකකින් ඔයාගේ Business එක ගැන කියන්න Focus එක තියාගන්න.

 

 

Related Posts

Our Whatsapp support team is here to answer your questions. Ask us anything!
WeCreativez WhatsApp Support
DC Customer Care Agent 1
DC Customer Care
Available
WeCreativez WhatsApp Support
DC Customer Care Manager
DC Customer Care
Available