SEO කියන්නේ Search Engine Optimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්. තවත් විදිහකට කිව්වොත් search engine එකක් තුළ අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය ලෙස rank වීම සදහා අපි සිදු කලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ.
💁♂️ ඔයාලා දන්නවා Google එකේ මොකක් හරි වචනයක් Search කළොත් ඒ වචනයට අදාල තොරතුරු අඩංගු පිටු ලක්ෂ ගණනක් එනවා කියලා. පිටු ගණනක් අතරින් Google එයාගෙ ප්‍රථිපල වලින් 1,2,3 ට මේ වෙබ් අඩවි ගැළපෙනවා කියලා තේරුවේ කොහොමද කියලා දන්නවාද? අන්න ඒ යම්කිසි සොයන වචනයකට මුල් ස්ථානවලට ගෙන එන එක තමා SEO වලදී වෙන්නේ.
⚠️ SEO කිරීමේ වාසි මොනවාද කියලා දන්නවද❓
☆ SEO වල තිබෙන ප්‍රධාන වැදගත්කම තමයි අපේ වෙබ්පිටුව වෙත search engine වලින් visitors ලා එහෙමත් නැතිනම් organic traffic එකක් ගෙන්වා ගැනීමට ඇති හැකියාව.
SEO කරලා අපිට target audience එකක් ගෙන්න ගන්න පුලුවන්. ඔයාගේ website එක hotel එකක් ගැන නම් hotel හොයන අය තමයි අපිට search engine එකෙන් එන්නේ. ඕනෑම website එකක් කරන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ target audience එකක්. එතනිනුත් business කරන අය විශේෂයි. business එකක් කරන කෙනෙක්ට target audience එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. තමන්ගේ business එකට අදාළව කැමැත්තක් දක්වන visitors ලා website එකට එන එක ඉතා වැදගත්.💯
☆ Search Engine Optimize වෙන විදියට website එක හදාගත්තාම කාලයත් එක්ක ඔයාගේ website එකත් ranking වල උඩට ගන්න පුලුවන් වෙනවා.
➡️ මේ හරහා විශාල පාරිභෝගිකයන් පිරිසක් සොයාගන්න ඔයාට පුලුවන් වගේම, ඔයාගේ business එක ගැන පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගන්නත් ඔයාට පුලුවන් වෙනවා.
☆ Online තමාගේ අදායම වැඩි කරගැනීමේ හැකියාව.
Business, Affiliate Marketing, විතරක් නෙවෙයි AdSense වගේ ad publisher network කරන අයට වුණත් ලොකු අදායමක් වෙත ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මොකද බිලියන 3.5 කටත් වඩා දේවල් දවසක් තුළ Google එකේ පමණක් search වෙනවා. ඒ කියන්නේ තත්පරයට 40,000කට වඩා ප්‍රමාණයක්.
👩💻 Worldwide search engines market share එක 90% පමණ හිමිව ඇත්තේ Google search engine එක සතුවයි. ඒ කිව්වේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් 90% ම පමණ භාවිත කරන්නේ Google search engine එක.
🎯 ඒ නිසා Website එකක් SEO කරන එකට වැඩි ප්රමුඛත්වයක් ලබාදී කටයුතු කිරීම ඉතා වැදගත්.
ඔබේ ව්‍යාපාරයේ සියලුම සේවාවන් සඳහා සුහදශීලී සේවාවක් සැපයීමට ක්ෂේත්රයේ වසර 12කට වැඩි අත්දැකීම් වලින් පරිණත ඩිජිටල් ව්‍යාපාර ක්ෂේත්රයේ ප්රබලතම සන්නාමය වන Dahamya Creations PVT (Ltd) අපි සූදානම්.❗