Special Day එකකදී Wish Post එකක් Publish කිරීම බොහෝ දෙනෙක් එතරම් වැදගත් කොට නොසැලකුවත් එය ඉතා වැදගත් කරුණක්.
🗣️ වර්තමානය වන විට බොහොමයක් ව්‍යාපාර සමාජ මාධ්‍ය හරහා නිරතුරු යවත්කාලීනවීම සිදුවේ. ඒ හරහා ඔවුන් තම පාරිභෝගිකයන්හට තම සේවා පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි. එකදිගටම ව්‍යාපාරය හා සේවාව පිළිබඳව පමණක් ඉදිරිපත්කිරීම මඟින් පාරිභෝගිකයන්ට එය බැලීමට යම් අලස බවක් ඇතිවිය හැකිය. එවිට ඔබේ පාරිභෝගිකයන්, Followers ලා ඔබේ පිටුවෙන් ඉවත් වී Unfollow වීම සිදුවේ.
නමුත් ඔබ නිතරම පල කරන ව්‍යාපාරික Post අතරට Special Day එකකදී Wish Post එකක් Publish කිරීම මඟින් ඔබේ පිටුවේ වටිනාකම වැඩි කරගත හැකිය.
⚠️ Special Day එකකදී ඔබ පල කරන Wish Post එක Creative නම් එය තවත් කෙනෙකු වෙත යවන සුබ පැතුමක් වශයෙන් ගැනීමේ හැකියාව ඉහළය. එය වැඩි දෙනෙක් අතර Share වීම මඟින් Boost කිරීම හෝ වෙනත් කිසිඳු වියදමක් දැරීමකින් තොරව ඔබේ පිටුවේ Reach, Followers වැඩිකරගත හැකිය.
Page එකක Reach හා Followers ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම මඟින් ඔබේ ව්‍යාපාරයට Professional බවක් එක්ද එක් වේ.
Wish Post එකක් සුබ පැතීම සඳහා පමණක් නොව ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන වුවද නිර්මාණය කළ හැකිය. ඒ සඳහා පලපුරුදු ආයතනයකින් නිර්මාණාත්මක සංකල්පයකට අනුව එය නිර්මාණය කළ යුතුය. අද වන විට Top Level ආයතන පවා Special Day වලදී Wish Post Publish කරන අතර එය තම ව්‍යාපාරය මූලික අරමුණු කරගෙන Creative Post Publish කරනු ලබයි. එය තම ව්‍යාපාරයේ සේවාවන් පිළිබඳව ව්‍යංගයෙන් නැතහොත් වක්‍රාකාරව පිළිබිඹු වන ආකාරයට නිර්මාණශීලී Post වශයෙන් Publish කරනු ලබනවා. තම ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවාවන් පිළිබඳ කෙලින්ම ඉදිරිපත් කර ඇති Business Post එකකට වඩා එවැනි Wish Post එකකින් ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනයට සැලකිය යුතු බලපෑමක් සිදුවේ. 🎯
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සමාජ මාධ්‍ය සේවා සමඟින් සුහදශීලී සේවාවක් සැපයීමට ක්ෂේත්රයේ වසර 12කට වැඩි අත්දැකීම් වලින් පරිණත ඩිජිටල් ව්‍යාපාර ක්ෂේත්රයේ ප්රබලතම සන්නාමය වන Dahamya Creations PVT (Ltd) අපි සූදානම්.❗