ජීවයේ පැවැත්මට Oxygen අවශ්‍යය සේ ම ව්‍යාපාරයකට Marketing අත්‍යවශ්‍යයි .
ව්‍යාපාරයක අදාළ සේවාව පාරිභෝගිකයන් අතරට ගෙනයාමට නම්, අනිවාර්යයෙන්ම Marketing කල යුතුයි.
ව්‍යාපාරයක දියුණුවට බලපාන ප්‍රධානතම කාරණාවක් වන්නේ හොඳ Marketing සැලැස්මකට අනුව ක්‍රියාත්මක වීමයි.
Social Media Marketing යනු,
Facebook, Instagram, tik tok, වැනි වේදිකාවන් භාවිතා කරමින් ඔබේ වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම, ගනුදෙනුකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනගා ගැනීම සහ එමගින් විකුණුම් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය බව ඔබ දැනටමත් දන්නවා ඇති.
ඒ පිළිබද නිවැරදි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම මගින් ඩිජිටල් අවකාශය තුල ඔබේ ව්‍යාපාරය පුළුල් ලෙස වර්ධනය කරගනිමින් ඔබ වෙත ආකර්ෂණය නොවූ ගනුදෙනුකරුවන් වෙත සැනෙකින් ඔබේ ව්‍යාපාර සන්නාමය රැගෙන යා හැකි බව ඔබ දැනසිටියාද ?
අද වන විට සමාජ මාධ්‍ය අලෙවිකරණය (social media marketing) ව්‍යාපාරයක සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය මූලික අංගයක් බවට පත්ව ඇත .
ඕනෑම පුද්ගලයෙකුට විශාල පිරිවැයක් දැරීමකින් තොරව ඉතා පහසුවෙන් සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ හැකියාව ඇත.එනිසා තම නිදහස් කාලය ගත කිරීමට බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය භාවිත කිරීමට ඇබ්බැහි වී ඇති අතර එය බොහෝ පුද්ගලයින්ගේ දවසේ වැඩි කාලයක් ගත කරන නවාතැන බවට පත් වී ඇත. එය සැලකිල්ලට ගනිමින් අද වන විට බොහෝ ව්‍යාපාර හා සේවාවන් සපයන ආයතන තම ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කරගෙන යාම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන අතර
පාරිභෝගිකයාට තම සිතැඟි පරිදි ඕනෑම අවශ්‍යතාවක් ඉටු කර ගැනීමේ අවස්ථාවද එමඟින් සපයා දී ඇත.
මෙහිදී ඔවුන් පාරිභෝගිකයාගේ පහසුව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් සමාජ මාධ්‍ය තුළ තම අවශ්‍යතා සපුරා ගැනීමට හුරු වී ඇත.
මෙය ඔබේ ව්‍යාපාරයට වැදගත් වන්නේ ඇයි?
පාරිභෝගිකයින් සමාජ ජාල මාධ්‍ය තුල සැලකිය යුතු කාලයක් ගත කරන යුගයක, සමාජ මාධ්‍ය යනු ඔබේ අනාගත ගනුදෙනුකරුවන් වෙත ඉක්මනින් ලඟා විය හැකි පහසුම ස්ථානයයි. ඔවුන් නව නිෂ්පාදන සොයා යාම සහ මිලදී ගැනීමේ තීරණ ගන්නා ස්ථානය සමාජ මාධ්‍ය බවට වර්තමානයේ පත්ව ඇත.
ඔබේ සමාජ මාධ්‍ය වේදිකා ඵලදායි ලෙස කළමනාකරණය කිරීමෙන් ඔබට ඔබේ වෙළඳනාම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට, ඔබේ ව්‍යාපාරය හෝ සේවාව පිළිබඳ විස්තරාත්මක අවබෝධයක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට හැකියාව ඇත.
බොහෝ ව්‍යාපාරිකයන් තම සේවාවන් පිළිබඳව තම ව්‍යාපාරයට අදාළ Facebook, Instagram පිටු පවත්වාගෙන යාම සහ ව්‍යාපාරය හා සේවාවන් සම්බන්ධ Post එම පිටුවල පල කිරීම සිදු කරනු ලබයි. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට නම් නිකන්ම post එකකින් ව්‍යාපාරය පිළිබද පාරිභෝගිකයන් දැනුවත් කරනවාට වඩා professional සහ Creative Post එකක් මඟින් පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කරගැනීමේ හැකියාව පවතී.ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් ව්‍යාපාරයට Professional බවක් මේ හරහා එකතු කර ගත හැකිය. එබැවින් වර්තමානයේ ව්‍යාපාරයකට ඉතා සාර්ථකම අලෙවිකරණ ක්‍රමවේදයක් ලෙස සමාජ මාධ්‍ය අවකාශය තුළ සිදුකෙරෙන අලෙවිකරණය හඳුන්වා දිය හැක.
ව්‍යාපාරික ලෝකය තුළ ඔබේ ව්‍යාපාරය හෝ සේවාව ව්‍යාප්ත කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකළ යුතුම කාලය එළඹ ඇත.
ඔබේ ව්‍යාපාරය හෝ සේවාව පාරිභෝගිකයන් අතර ඉහළ තැනකට ඔසවා තැබීමට අනන්‍ය සූක්ෂම ක්‍රම විධික්‍රම සමාජ මාධ්‍ය තුල ඇත.
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සමාජ මාධ්‍ය සේවා සමඟින් සුහදශීලී සේවාවක් සැපයීමට ක්ෂේත්‍රයේ වසර 12කට වැඩි අත්දැකීම් වලින් පරිණත ඩිජිටල් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලතම සන්නාමය වන Dahamya Creations PVT (Ltd) අපි සූදානම්.